වැළකීම

 තම ස්ථිර සහකරු සොයා ගන්නා තුරු  ලිංගික සංසර්ගයෙන් වැළකී සිටීම හෝ කල් දැමීම යෞවනයන්ට යහපත් වේ.

විශ්වාසවන්ත වන්න

 නිරෝගී පුද්ගලයන් දෙදෙනෙකු තුළ අන්‍යෝන්‍ය වශයෙන් සීමා වී ඇති  සබඳතා තුල ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානම ශුන්‍ය වේ.

කොන්ඩම්

ඉහත ක්‍රම සමහර අයට ප්‍රයෝගික නොවිය හැක එසේ නම් නිවැරදිව හා අඛණ්ඩව කොන්ඩම් භාවිතා කිරීමෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වළක්වා ගත හැකිය. මත්පැන් සහ මත්ද්‍රව්‍ය ලිංගිකව එක්වීමට පෙර හෝ අතරතුර භාවිත නොකළ යුතුය..වැඩිදුර තොරතුරු කොන්ඩම්

HIV වැළැක්වීමේ නව ක්‍රම

HIV ඖෂධ (ART) ගැනීමෙන් HIV වළක්වා ගත හැක. HIV නොමැති හවුල්කරුවන්ට HIV වැළඳීම වැළැක්වීම සඳහා HIV ඖෂධ ලබා ගත හැක. එය ලිංගික නිරාවරණයට      පූර්ව නිරාවරණ රෝග නිවාරණය (PrEP) සහ ලිංගික නිරාවරණයෙන්  පසු රෝග නිවාරණය  ලෙස හැඳින්වේ. (PEPSE).

වැඩි විස්තර PrEP

වැඩි විස්තර PEPSE
වැඩි විස්තර  PEP

එන්නත් සමඟ ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම

හෙපටයිටිස් බී එන්නත

හෙපටයිටිස් B එන්නත් කිරීමෙන් පහසුවෙන් වළක්වා ගත හැකිය. දැනට හෙපටයිටිස් බී එන්නත පිරිමින් සමඟ ලිංගිකව එක්වන පිරිමින්ට, මත්ද්‍රව්‍ය එන්නත් කරන අයට, HIV ආසාදිතයන් සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සඳහා ලබා ගත හැකිය.

HPV එන්නත

 ප්‍රතිශක්තිකරණය සඳහා එන්නතක් භාවිතා කිරීමෙන් ගැබ්ගෙල HPV ආසාදනය සහ ලිංගික ඉන්නන් වළක්වා ගත හැක. එය දැනට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් ලබා ගත හැක්කේ වයස අවුරුදු 12-14 අතර කාන්තාවන්ට පමණි.