පූර්ව නිරාවරණ රෝග නිවාරණය (PrEP) යනු කුමක්ද?

PrEP යනු ඔබව HIV වලින් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කල හැකි ප්‍රති වෛරස ඖෂධයකි. එය ඔබ ලිංගික සම්බන්ධතාවයකට පෙර සහ පසුව නියමිත මාත්‍රා වලින් ලබා ගත යුතුය. මෙය දිනපතා භාවිතා කිරීම හෝ ලිංගික සම්බන්ධතාවන්ට අදාලව භාවිතා කිරීම සිදු කල හැක.

PrEP ක්‍රියා කරන ආකාරය

ප්‍රති-HIV (ප්‍රතිවෛරස්) ඖෂධ දෙකක (Tenofovir DF සහ emtricitabine) සංයෝගයක් සහිත PrEP නිවැරදි ලෙස භාවිතා කළහොත් එය HIV ආසාදනය වැලැක්වීම සඳහා ඉතා ඵලදායී බව පෙන්වා දී ඇත.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ශරීරගත විය හැකි HIV වෛරසය මුළු ශරීරය පුරා පැතිරීමට පැය 72ක පමණ කාලයක් ගතවේ. HIV වයිරසයේ බෙදීම සහ ව්‍යාප්තිය වළක්වන මෙම ඖෂධ (PrEP) මෙම අවස්ථාවේ සිරුරේ තිබේ නම් HIV ආසාදනය වීම වළක්වා ගත හැකිය.

PrEP සම්බන්ධයෙන් ගත් කල, මෙම ඖෂධ ලිංගිකව එක්වීමට පෙර ගත යුතු අතර අවදානම් කාලය පුරාවටම ලබා ගත යුතුය.

වර්තමානයේ NSACP විසින් පිරිමින් සහ සංක්‍රාන්ති ලිංගික-කාන්තා ප්‍රජාවන් අතරින් ඉහළ අවදානමක් සහිත ලිංගික සම්බන්ධතා පවත්වන සාමාජිකයින්ට PrEP සපයයි.

PrEP අවශ්‍ය වන්නේ කාටද?

PrEP සඳහා ඔබේ සුදුසුකම අපගේ වෛද්‍යවරුන් විසින් නිවැරදිව තක්සේරු කරනු ඇත

වැදගත් නිර්ණායක සඳහා උදාහරණ කිහිපයක්:

  1. පිරිමි (MSM) හෝ සංක්‍රාන්ති ලිංගික කාන්තා ප්‍රජාව සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්ගේ සාමාජිකයෙකු වීම
  2. පසුගිය මාස 3 තුළ අනියම් පිරිමි සහකරුවෙකු සමඟ අනාරක්ෂිත (කොන්ඩම් රහිත) ගුද මාර්ග සංසර්ගය
  3. පසුගිය මාස 6 තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වී තිබීම
  4. ලිංගික සම්බන්ධතා වලදී මනෝ-ක්‍රියාකාරී ඖෂධ භාවිතා කිරීම.
  5. රුධිරයේ HIVවෛරස ප්‍රමාණය හොඳින් පාලනය නොවූ HIV ආසාදිත ලිංගික සහකරුවෙකු සිටීම
PrEP ආරම්භ කිරීමේ ක්‍රියා පටිපාටිය

ඔබට පහත සඳහන් පූර්ව පරීක්ෂණ නොමිලේ සිදු කරනු ලැබේ.

  1. HIV rapid පරීක්ෂණය සහ සාමාන්‍ය ELISA පරීක්ෂණය
  2. වකුගඩු ක්‍රියාකාරිත්වය: මුත්‍රා වල ප්‍රෝටීන් පරීක්ෂාව/UFR
  3. වකුගඩු ක්‍රියාකාරිත්වය: රුධිරයේ Creatinine සහ eGFR සඳහා පරීක්ෂණය
  4. හෙපටයිටිස් B සහ C : රුධිර පරීක්ෂණ
  5. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
  6. ගොනෝරියා culture පරීක්ෂාව
  7. ක්ලැමීඩියා පරීක්ෂාව
  8. Syphilis ආසාදනය සඳහා පරීක්ෂණ
PrEP ලබා ගන්නේ කෙසේද?