සෑම මවකගේම සිහිනය නිරෝගී දරුවෙකු ලැබීමයි. NSACP, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමාරක්ෂක සේවා සමඟ එක්ව ඕනෑම මවකගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝගවලින් තොරව දරු ප්‍රසූතියට පෙර මව්වරුන් සඳහා සේවා සපයයි.

 ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදන වැලැක්වීම, පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා පූර්ව ප්‍රසව කාන්තාවන් සඳහා NSACP සේවා සපයයි. මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැලැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ  දීප ව්‍යාප්ත සේවා සැපයීම සහ ගැබිණි මව්වරුන් පරීක්ෂා කිරීම මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පැකේජය සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා  ඒකාබද්ධ කෙරේ.

සපයනු ලබන සේවාවන්
  • නව යොවුන් වියේ දරුවන්ට සහ ප්‍රසව මව්වරුන්ට වැළැක්වීමේ තොරතුරු, ලබාදීම  ,විවාහයට පෙර උපදේශනය
  • පුර්ව ප්‍රසව සායනයෙහි සිටින සියලුම ප්‍රසව මව්වරුන්ට සහ ලිංගාශ්‍රිත රෝග සායනවලට සහභාගි වන මව්වරුන්ට තොරතුරු අධ්‍යාපනික සන්නිවේදන ද්‍රව්‍ය සැපයීම.
  • පූර්ව  ප්‍රසව සායනවලට සහභාගි වන සෑම ගැබිනි මවකටම HIV සහ උපදංශ පරීක්ෂණ ලබාදීම.
  •  සිපිලිස්, HIV, සහ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදන ඇති බවට හඳුනාගෙන ඇති පූර්ව ප්‍රසව මව්වරුන්ට ප්‍රතිකාර සහ සත්කාර සේවා සැපයීම සහ පසු විපරම් කිරීම.

වැඩිදුර තොරතුරු සඳහා EMTCT